FAST NEWS

24×7 Around the Globe

උතුරේ ත්‍රස්තයන් සැඟව ඇති බවට තොරතුරු – යුධ හමුදාවෙන් දැඩි මෙහෙයුම්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීම හේතුවෙන් මේ දිනයන්හි පුළුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.
යුද හමුදා සෙබළුන් විසින් වව්නියාවේ මුස්ලිම් ගම්මාන කිහිපයක් හදිසි සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර වව්නියාව නගරයේ මේ දක්වා සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු සහ මන්නාරම දිස්ත්‍රික්කයෙන් ද සැක කටයුතු පුද්ගලයින් 12 දෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් උතුරේ මුස්ලිම් ගම්මානයන්හි සැඟව සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම ගම්මානයන්හි නිවාස තුල ආගමික ස්ථාන ඇතුළු ස්ථානයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.