FAST NEWS

24×7 Around the Globe

සැක කටයුතු තවත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදන්කඩවල ඉහල පුළියන්කුළම ප්‍රදේශයේ සඟවා තිබූ අංක 250-5680 දරණ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් එහි රියදුරා සමග කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අද (30) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වෑන් රථය කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙයි.
එම රථය පැදවූ බව කියන 46 හැවිරිදි අබුසාලි නසාර් නැමත්තාත් නිවසේ සිට ඇති අතර ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෑන් රථය තවුහීද් ජමාත් අත්තවාදී ත්‍රස්ත සංවිධානයේ ආගම ප්‍රචාරය කිරිම සඳහා යොදා ගෙන ඇති බවත් සැකකරු කුලී පදනම මත රථය එම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවන් වලට රථය යොදවා තිබෙන බවත් පොලීසිය සදහන් කරයි.
සැකකරු විසින් පසුගියදා කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත් අන්තවාදින්ට අවශ්‍ය අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහිත මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ප්‍රවාහනය කරදී නැවතත් සූක්ෂමව කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල ප්‍රදේශයට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.