FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් අත්අඩංගුවට ගත් කතාව බොරුවක් -මාධ්‍ය ඒකකය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මගින් අත්තඩංගුවට ගෙන ඇතැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ගෙනයනු ලබන ප්‍රචාරයන් මුලුමනින්ම අසත්‍ය බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන ,නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඉර්ෂාඩ් රහ්මතුල්ලා සහ මොහොමඩ් නලීම් යන නම්වලින් සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් මේ මොහොතේදීත් අමාත්‍යංශයේ දෛනික රාජකාරී කටයුතු වල නිරතවෙමින් සිටියදී මෙම අසත්‍ය පුවත වාර්තා කර ඇති බවත් මාධ්‍ය ඒකකය නිකුත් කල ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.