FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් එස්.බී ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කර තිබේ.
පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හිරු රූපවාහිනියේ සංවාදාත්මක දේශපාලන වැඩ සටහනකට සහභාගි වෙමීන් ඊයේ (29) රාත්‍රී පැවසීය.
එස්.බී. දිසානායක මහතා මෙහිදි රිෂාඩ් බද්යුදීන් මහතාගේ නැගණියගේ ස්වාමියාට චෝදනා එල්ල කළ අතරම ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉන්සාෆ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ බව පැවසීය.