FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකාගේ අමාත්‍ය ධූරය වෙනුවෙන් මන්ත්‍රී අත්සන් 44 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත ලිපියට එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බවත් තවත් පිරිසක් අද (30) දිනයේදී අත්සන් තැබීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මේ අතර සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කිරීමට තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සුදානම් බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.