FAST NEWS

24×7 Around the Globe

තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොවෙයි – ගෝඨාභය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද වන විට තමා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොව ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 29) රාත්‍රී විකාශය රූපවාහිනි දේශපාලන සංවාදයට එක්වෙමින් අනාවරණය කළේය.
ජනතාව තමා ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි වැඩි දුරටත් අවධාරණය කළේය.