FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ මහනගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝට්ටේ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු කඩු සහ තවත් උපකරණ කිහිපයක් සමගින් අත්අඩංගුවට ඊයේ (29) නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගරික මන්ත්‍රී එච්.එම්. අලි උසුමාන් නැමැත්තායි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සහ සොහොයුරා සතුව තිබී කඩු 03 ක්, ලැප් ටොප් පරිගණකයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් තිබී ඇත.