FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ඩීව් මැකොට එරෙහිව අධිකරණයට යයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මැතිවරණ කොමසාරිස්වරයා සන්ධානය, එජපා, ජවිපේ හා ටී.එන්.ඒ. මහ ලේකම්වරු ඇතුළු 15 දෙනෙක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබීය.

සන්ධාන ජාතික ලැයිස්තුවේ තම නම 3 වැනි ස්ථානයට තිබුණත් තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයන් නොලැබුණ බව ඔහු පවසයි.