FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයට එරෙහි නඩුවක් ජුලි 11 දක්වා කල් යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ)හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක විභාගය ජුලි මස 11 වනදා දක්වා කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
මෙම නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම පෙත්සමේ තීන්දුව ජුනි මස 14 වනදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
එතෙක් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.