FAST NEWS

24×7 Around the Globe

තැපැල් දුම්රිය 04 ක් ධාවනයේ – කිහිපයක් අවලංගුයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දින අටකට පසු කොළඹ – බදුල්ල, බදුල්ල – කොළඹ, කොළඹ – කන්කසන්තුරය හා කන්කසන්තුරය – කොළඹ යන රාත්‍රී තැපැල් දුම්රිය 04 අද (29) දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් කොළඹ- ත්‍රිකුණාමලය හා ත්‍රිකුණාමලය – කොළඹ, මඩකලපුව – කොළඹ හා කොළඹ – මඩකලපුව, කොළඹ – කලෙයිමන්නාරම මා තලෙයිමන්නාරම – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (29) අවලංගු කර ඇති බවත් එම කර්යාලය පවසයි.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඉකුත් 21දා සිට රටපුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් කොළඹ – ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර කිසිදු තැපැල් දුම්රියක් ධාවනය නොකළ බවද දුම්රිය පාලක කාර්යාලය වැඩි දුරටත් පවසයි.