FAST NEWS

24×7 Around the Globe

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරය එල්ල කරන්න පැමිණි යතුරුපැදියක් අල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලද බුද්ධි තොරතුරක් අනුව නිට්ටඹුව විශේෂ පොලිස් ඒකකය විසින් තිහාරිය ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රහසිගතව සඟවාගෙන තිබූ යතුරුපැදියක් සොයා ගෙන ඇත.
එමෙන්ම නිවසේ අධි ශීතකරණයේ තිබී එම යතුරුපැදියට අදාළ අංක තහඩු කැබලි කර තිබියදී හමු වී තිබේ.
අදාළ සැකකටයුතු යතුරුපැදිය පසුගියදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ‍පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.