FAST NEWS

24×7 Around the Globe

සියලු වෙසක් කලාප අත්හිටුවීමේ තීරණයකට අවධානය යොමුවෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් තොරණ, වෙසක් කූඩු, වෙසක් කලාප, පෙරහැර සහ දන්සල් වැනි ආමිස පූජාවන් ආදිය සිදුකරද්දී ජනතාව එක්රැස් වන සියලු ස්ථාන අත්හිටුවීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන අතර ඊට අදාළ තීරණය අද ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය 26 වනදා ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමට විෂයභාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරින් ද එක්ව සිටියහ.