(ෆාස්ට් නිිව්ස් – කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා (21) කතෝලික දේවස්ථානවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වෙඩි නොවදින රථය ලබා දීමට කටයුතු කෙරෙන බවද පැවසේ.
ඒ අනුව රටේ ආරක්ෂක තත්ත්වය නැවත තහවුරු වන තුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ රියදුරකු ද සමඟ වෙඩි නොවදින මෝටර් රිය කාදිනල්තුමන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පැවසේ.








