FAST NEWS

24×7 Around the Globe

ජනපති,අගමැති හා විපක්ෂ නායකට එරෙහිව පෙත්සමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ජනාධිපතිවරයාට,අග්‍රාමාත්‍යවරයාට,විපක්ෂ නායකවරයාට,පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට බලකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට නාගානානන්ද කොඩිතුවක්කු මහතා අද (29) කටයුතු කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව අදාළ බළධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බවටයි පෙත්සම මගින් කරුණු දක්වා ඇති අතර ප්‍රහාරයෙන් සිදුවු හානිවල වන්දි අදාළ බළධාරීන්ගේ පුද්ගලික මුදලින් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසටද නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලීමක් කර තිබේ.
.