FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙක් හොරොව්පතානෙන් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉකුත් 21 වැනිදා සිදුකළ ප්‍රහාරයෙන් මියගිය බවට සැක කෙරෙන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.
හොරොව්පොතාන තිඹිරි අත්තාවල විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවත් පැවසේ.
ඉකුත් 21 වැනි දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට වරකාපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකු සමඟ ද මොහු 2004 වසරේ සිට සමීප සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
තවද 2016 වර්ෂයේ සහරාන් හසීම් නමැත්තා විසින් හොරොව්පොතාන පත්තෑව ජුම්මා පල්ලියේ පවත්වන ලද දේශනයකටද මෙම සැකකරු සහභාගී වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ෙඇති බවත් පැවසේ.