FAST NEWS

24×7 Around the Globe

දෙහිවල නිවසකින් කඩු තොගයක් සොයාගනී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් සහ දෙහිවල පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබී කඩු 06 ක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ව්‍යාපාරිකයා පදිංචිව සිටි මහල් හයකින් යුතු උඩු මහලේ ඔහු යාඥා කරමින් සිටියදී සිදුකරන ලද පරික්ෂාවකදී නිලධාරීන් හට මෙම කඩු සොයා ගත හැකි වී තිබේ.
ඉන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේම තවත් ව්‍යාපාරික නිවසක් වැටලීමේදි මෙලෙස තවත් කඩු සොයා ගැනීමට හැකි වූ බව දෙහිවල පොලීසිය සදහන් කළේය.
එක් ව්‍යාපාරිකයෙකු වාහන අලෙවි සැලක් පවත්වාගෙන අයෙකු බවත් අනෙක් තැනැත්තා ඖෂධ ආනයනය කරන අයෙකු වන අතර ,අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.