FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 21 ප්‍රහාරයේ හානියට පත් පෞද්ගලික දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 05 ක උපරිමයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරයේ හානියට පත් පෞද්ගලික දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 05 ක උපරිමයකට වන්දි ගෙවීමට ද ප්‍රහාරවලින් හානියට පත් වූ දේවස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන වියදම් ජාතිකප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින හානිපූර්ණය සඳහා වන කාර්යාලය මඟින් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යාංශ ලේකම් වී.සිවඥනසෝති මහතා පවසයි.
ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වන්දි මුදලක් ගෙවීමට සහ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් එක පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 05ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම හානිපූර්ණය සඳහා වන කාර්යාලය මඟින් සිදු කිරීමටත් රජය තීරණය කොට ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අප්‍රේල් 24 දින අනුමැතිය ලැබුණි.