FAST NEWS

24×7 Around the Globe

හැටන් ප්‍රදේශයේ සියලු වෙළඳසැල්, සංචාරක නිකේතන සහ ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උදාවී ඇති තත්ත්වය හමුවේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ධාවනය වන සියලුම ත්‍රිරෝද රථ මෙන්ම වෙළඳසැල් සහ සංචාරක නිකේතන ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට හැටන් – දික්ඔය නගර සභාව සහ හැටන් පොලීසිය එක්ව ඊයේ (28) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
නගර සභා බල ප්‍රදේශය තුළ ධාවනය වන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව විශේෂිත හඳුනාගැනීමේ ස්ටිකරයක් ලබාදීමට කටයුතු කරන අතර , ඒ අනුව එම ත්‍රිරෝද රථ සඳහා අනුමත රථගාල් තුළ නැවැත්වීමට පහසුකම් සපයනු ලබයි.
එමෙන්ම සංචාරක නිකේතන සහ සංචාරකයින් නේවාසික පහසුකම් ලබාදෙන නිවාසවලට දිනපතා පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් පොලීසිය දෛනිකව දැනුම්වත් කළ යුතු බවටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.