FAST NEWS

24×7 Around the Globe

පාසල් අවට වාහන නතර කරන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නව පාසල් වාරය ආරම්භ කිරීම මැයි 06 දක්වා කල් තැබූ අතර, පාසල් ආරම්භයෙන් පසු ඒ අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණහොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.