FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව ලංකාවේ රැදී සිටි 13ක් පොලිස් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමන විගමන නීති උල්ලංගණය කරමින් ලංකාවේ රැදී සිටි විදේශිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
ඒ අනුව ඊයේ (28) නවගමුව කොතලාවල ප්‍රදේශයෙන් එක් අයෙකුද , ගල්කිස්ස ප්‍රදේශයෙන් 07 දෙනෙකුද, වැලිකඩ ප්‍රදේශයෙන්  04 දෙනෙකු සහ දෙහිවල ප්‍රදේශයෙන් කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස ඉරාක, නයිජීරියා, ඉන්දියා  සහ තායිලන්ත ජාතිකයින් වන අතර මෙම සැකකරුවන් අද (29) ගල්කිස්ස, නවගමුව සහ අළුත්කඩේ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.