FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය වාරණය ඉවත් නොකළහොත් ඉදිරියේදී වෙන දේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අසත්‍ය ප්‍රචාර සහ ප්‍රචණ්ඩකාරී පණිවිඩ හුවමාරු වීම වැළැක්වීමේ අරමුණින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය කිරීමට රජය පියවර ගනු ලැබීය.
මෙම වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) පෙන්වා දෙයි.
රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බව ඔවුන් සදහන් කරයි.
සමාජ මාධ්‍ය අඩවි මෙරට වාරණයකට ලක්වීම අන් රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි SLTC පවසයි.
කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු බවත් පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිළිබද විෂය කරුණු එක් කලයුතු බවත් ඔවුන් වැඩිදුරටත් සදහන්කර සිටියි.