FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික උපකාරක පංති මැයි මස 03 දක්වා නොපැවැත්වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 03 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට එම පංති සංවිධායකවරුන්ට දැනටමත් උපදෙස් ලිඛිතව ලබාදුන් බවද එම සංගමයේ ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසයි.
මෙම පංති පැවැත්වීම ඒ ඒ ප‍්‍රදේශවල පොලිස් ස්ථානවල උපදෙස්වලට අනුකූලව සිදුකරන බවද සභාපතිවරයා පැවසීය.