(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆොනී සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මිලිමීටර් 100 ත් 150 ත් අතර ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
‘ෆොනි’ සුළි කුණාටුව ඊයේ (28) රාත්‍රී 11.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 580 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව , මධ්‍යම , දකුණ , බස්නාහිර , වයඹ ස්ථාන කිහිපයක ද මේ හේතුවෙන් තද වර්ෂා තත්වයක් හටගත හැකිය.
උතුර , උතුරු මැද , වයඹ සහ දකුණු පළාත්වලත් , ත්‍රිකුණාමලය , හා අම්පාර දිස්ත්‍රික්ක වලත් වරින් වර පැයට කිලෝමිටර් 70 දක්වා තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
හෙට සහ අනිද්දා යන දිනවල දිවයින වටා මුහුදු කලාපයේ වරින් වර හමන ප්‍රහාරාත්මක සුලං තත්වයන් නිර්මාණය විය හැකි බැවින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු කොටසේ ධීවරයින් හා නාවිකයින්ට අනතුරු අගවයි.