FAST NEWS

24×7 Around the Globe

චයිනා ඊස්ටන් සිය ගුවන් ගමන් සීමා කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ චයිනා ඊස්ටන් ගුවන් සේවය කොළඹ සහ ෂැංහයි අතර සතියට සිව්වරක් ක්‍රියාත්මක වූ ගුවන් ගමන් මැයි 01 වනදා සිට අත්හිටුවීමට තීරණය කර තිබෙන නමුත් කොළඹ සහ බීජිං අතර එම ගුවන් සේවා තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.
එමෙන්ම චයිනා සදර්න් සහ එයාර් චයිනා ගුවන් සේවා ද කොළඹ වෙත සිය ගුවන් ගමන් සීමා කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බව වාර්තා වෙයි.