FAST NEWS

24×7 Around the Globe

කොම්පඤ්ඤවීදියේ පල්ලියක තිබී කඩු 46ක් සහ කැමා කීපයක් සොයාගනී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 46 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය සදහන් කරයි.
පල්ලියේ ප්‍රධාන පූජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන තිබේ.
ආයුධ සියල්ල හා පූජකවරයා  මේ වන විට පොලිස් භෘරයට ගෙන ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.