FAST NEWS

24×7 Around the Globe

පොලිසියේ ඉහළ නිලධාරීන් 12 කට ස්ථාන මාරු – පොලිස් කොමිෂන් සභාව..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසියේ ඉහළ නිලධාරීන් 12 දෙනෙකු වාහම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටේ ඇති වූ හා ඇති විය හැකි අනාරක්ෂිත තත්ත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සලකා බලා මේ තීරණය ගත් බව පොලිස් කොමිසම සදහන් කරයි.
ස්ථාන මාරු කළ පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් 04 දෙනෙකු ඇතුළත් වේ.