FAST NEWS

24×7 Around the Globe

කල් දැමූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා සිට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය යටතේ කල් දැමූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා සිට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විද්‍යා පීඨ 19ක අපේක්ෂක අපේෂිකාවන් පිරිසක් ඊට පෙනී සිටීමට නියමිතය.
මීට අමතරව ලබන 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීමේ විභාගය සහ අද (26) නාවල විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඉන්ජිනේරු සහකාරවරුන් බඳවා ගැනීමේ තරග විභාගය ද කල් දමා ඇත.