FAST NEWS

24×7 Around the Globe

ISIS සම්පූර්ණයෙන්ම රට තුළින් ඉවත් කරනවා – ජනපති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රට තුළ අන්තවාදීන් 130 ක් පමණ සිටින බවත් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන ISIS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරන බවත් ජනපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එසේම සමස්ත මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සියළු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන සහ ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව අප අමතක නොකළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.