FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ දෙව්මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.
බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ”කොළඹ අගරඳගුරුතුමා ” යන නමට, ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බවද අගරදගුරුතුමන් සදහන් කළේය.
අරමුදල නම්කර තිබෙන්නේ ”2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” ලෙසයි.