FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ මූලිකත්වයෙන් කැබිනට් ආරක්ෂක කමිටුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇති අතර , යෝජිත කැබිනට් ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නම් කර තිබේ.
මෙම කමිටුව පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ රටේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර සමීප අවබෝධය ඇති කිරීම සඳහායි.
අගමැතිවරයා , නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරුන් ප්‍රමුඛ ජාතිකබුද්ධි කාර්යාංශ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විතව ඇත.
ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයක සිටින එංගලන්තය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි කැබිනට් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වේ.