FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාර විමර්ශණයට විදෙස් බුද්ධි කණ්ඩායම් 07 ක සහාය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සහය දැක්වීම සදහා අමෙරිකාවේ එෆ්. බී. අයි , බ්‍රිතාන්‍යයේ  ස්කොට්ලන්ඩ් යාඩ් සහ ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ඇතුළු විදේශීය කණ්ඩායම් 07 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා සහය පළකර තිබේ.
මේ අතර අමෙරිකා එක්සත් ජනපද ඉන්දු – ශාන්තිකර බලඝණයේ විශේෂඥ කණ්ඩායමක්ද මෙම ත්‍රස්ත ප්‍රහාරවල විමර්ශන සඳහා සහය ලබාදෙන බව කොළඹ සිටින අමෙරිකානු තානාපතිනී ඇලේනා ටෙප්ලිට්ස් පැවසීය.
ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන් සමග එක්ව අපරාධ සහ රස පරීක්ෂණ කටයුතුවල නිරතවන බවද ඇය සඳහන් කළාය.