FAST NEWS

24×7 Around the Globe

අයි.එස් පුහුණුව ලැබු අය නැවත පැමීණි බවට තොරතුරු ලැබුණා – අගමැති

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිරියාවට ගොස් අයි.එස් සටන්කාමීන් යටතේ පුහුණුව ලැබූ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් විදේශීය ත්‍රස්ත සංවිධානයක ක්‍රියාකාරකම්වල යෙදීම මෙරට නීතිය යටතේ වරදක් නොවන බැවින් අදාළ පිරිසට එරෙහිව පියවරක් ගැනීමට නොහැකිවූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවට නම්කර ඇති ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන් ලෙස කටයුතු කරන පිරිස්වලට එරෙහිව පමණක් පියවර ගැනීමට මෙරට නීතිය යටතේ ප්‍රතිපාදන පවතින බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.