FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 70 ක් අත්අඩංගුවේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 70කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව අදාළ සැකකරුවන්ගෙන් 33 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බවද මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
තවත් සැකකරුවන් 04 දෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද පැවසේ.
විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.