FAST NEWS

24×7 Around the Globe

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධුෂ්ගෙ සාදයේ සිටියදී ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රෝයන් ලබන 02 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ගංජා ප්‍රවාහනය කිරීමද නොඒසේනම් ගංජා සන්තකයේ තබාගෙන පළායාමද යන්න නිශ්චිතව එදිනට කරුණු වාර්තාකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැලිගම පොලිසියට නියෝග කරනු ලැබීය.