FAST NEWS

24×7 Around the Globe

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ අනවශ්‍ය කටකතාවලට සහ සාවද්‍ය දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන අතර , පවතින තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ මගින් ලබාදෙන බව එහි අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා සදහන් කළේය.
ලැබෙන තොරතුරුවලට අනුව පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා මාර්ග වසා තැබීමට පොලිසිය පියවර ගන්නා බවත් , මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ නගරයේ මෙන්ම ඉන් පිටත ද මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට මාර්ග වසා තැබෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

.