FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටින බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සර්ව ආගමික කමිටුව ද අද (25) පස්වරු 4.00 ට රැස්වීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ සදහා මෙරට සියලුම ආගමික නායකයින් පැමිණීමට නියමිතව තිබේ.