FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාර ගැන සෙවීමට පත් කළ කමිටුව තොරතුරු ලබාගැනීම අරඹයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය 21 වනදා දිවයිනේ හෝටල් සහ දේවස්ථාන ආදී ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරනු ලැබූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු භාරගැනීම ආරම්භ කර තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබන මස 03 වන දිනට පෙර තැපැල් පෙට්ටිය 2306 / කොළඹ 01 යන ලිපිනයට හෝ 0112 100  445 යන දුරකථන අංකයට හෝ 0112 100 446 යන ෆැක්ස් අංකයට ලබාදිය හැකියි.
පසුගිය ඉරිදා සිදුවූ මෙම ප්‍රහාරවලට සෘජුවම හෝ අනියමින් වගකිවයුතු පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩයම් හඳුනා ගැනීම මෙම පරීක්ෂණ මණ්ඩලයට පැවරී තිබේ.