FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය සම්මත වීමත් සමග දිවයින පුරා ත්‍රිවිධ හමුදාවේ 6500ක් ස්ථානගත කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ර‍ටේ පවතින තත්ත්වය හමුවේ හදිසි නීතිය සම්මත වීමත් සමග දිවයින පුරා මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ 6500 ක් යෙදවීමට කටයුතු කර ඇත.
හදිසි නීතිය සම්මතවීමත් සමග නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල යුධ හමුදාවට පැවරෙයි.
යුධ හමුදාව විසින් සිදුකරනු ලැබුවේ නීතිය හා සාමය රැකීමට පොලිසියට සහයවීම පමණක් වුවද හදිසි නීති රෙගුලාසි යටතේ ඒ සම්බන්ධයෙන් සෘජුව සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇති බව හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේය.