FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් කාර්යාල පැය 24 ම විවෘතයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රටේ ඇතිව පවතින හදිසි තත්වය සලකා බලා ගුවන් මගීන්ට සේවා සැපයීම සදහා කොළඹ කොටුව ලෝක වෙලෙද මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රධාන ප්‍රවේශපත්‍ර කාර්යාලයට අමතරව තවත් රට පුරා පිහිටි ප්‍රධාන නගර කිහිපයකම සිය සේවා මධ්‍යස්තාන පැය 24 ම විවෘත කර තැබීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
මඩකලපුව,ගම්පහ,හම්බන්තොට,යාපනය,කුරුණෑගල, වව්නියාව හා වෙන්නප්පුව යන නගර වල මෙම ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන ස්ථාපිතය.
ඒ අනුව ගුවන් ටිකට් පත් මිලදී ගැනීම,ගුවන් ගත වීමේ දින වෙනස් කිරීම,ආසන වෙන් කරවා ගැනීමට මෙන්ම ගුවන් යානා ගමන් වේලාවන් දැන ගැනීමද මෙම මධ්‍යස්ථාන ඔස්සේ සිදු කර ගත හැකිය.
මේ පිළිබද වැඩි විස්තර 1979 දුරකථන අංකය ඔස්සේ හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩි දුරටත් පවසයි.