FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් 16 ක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊයේ (24) පස්වරුවේ සහ රාත්‍රියේ සිදුකළ වැටලීම්වලින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ඒ අනුව තිරප්පනෙන් පුද්ගලයන් හතරදෙනෙකු, රක්වානෙන් තුන්දෙනෙකු, වවුනතිව් සහ මීගලෑව ප්‍රදේශවලින් දෙදෙනෙකු බැගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම බණ්ඩාරගම, බලංගොඩ, මාතලේ, තෙල්දෙණිය, වත්තල ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරගමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහකාර රථවාහන පරීක්ෂකවරයකෙු ලෙස සේවය කරන අයෙකු බවත් , ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තමන් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට සටහනක් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.