(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳූරේ මධූෂ් සමග ඩුබායිහි සාදයකදි අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයකු අද (24) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි
බදුර්දීන් අබුබකර් මොහොමඩ් නැමැති අය වන ඔහු අද (24) අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබේ.
ඔහු ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බාර ගෙන ගුවන් තොටුපළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන සඳහා බාරදී තිබේ.








