FAST NEWS

24×7 Around the Globe

ජලයට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදුකළ දෙදෙනෙක් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය නල ජලයට වස මිශ්‍ර කොට ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් මැයි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිය මණ්ඩලය මඟින් සපයනු ලබන පානීය ජලය ඉහළ ගුණාත්මක බවින් යුතු බව එම මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේය.