FAST NEWS

24×7 Around the Globe

පුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරියක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව දැනුවත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.
යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.