FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයේ කළහකාරි ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථ වාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණට අද (23) නියම කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කර තිබේ.