FAST NEWS

24×7 Around the Globe

සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (23) මධ්‍යහනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.