FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා ආරක්ෂාවට යුධ හමුදාවෙන් 5000 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයින පුරා ආරක්ෂාව සදහා යුධ හමුදා නිලධාරීන් සහ සෙබලුන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිය උපරිම සහය ලබාදීමට යුධ හමුදාව සුදානමින් සිටින බවද බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් පැවසීය.