FAST NEWS

24×7 Around the Globe

කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා (21දා) රට තුළ ඇති වූ පිපිරීම් හේතුවෙන් සිය ගම් වෙත පිටත්වූ පිරිස් හට නැවත කොළඹට පැමිණීමට නොහැකි වූ බැවින් මෙලෙස ලබන 26 වැනිදා දක්වා විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව මගින් විශේෂ ප්‍රවාහන සේවාවක් පසුගිය 08 වැනිදා සිට ඊයේ (22) දින දක්වා ක්‍රියාත්මක විය.