FAST NEWS

24×7 Around the Globe

තොරතුරු නොලත් අය ගැන ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයට දැනුම් දෙන්න…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සිදුවූ  පිපිරීම් හේතුවෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් නොලත් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ සම්බන්ධ තොරතුරු කොළඹ 10 ප්‍රැන්සිස් පාරේ අංක 111 දරණ ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම්දිය යුතු බවත් , ඒ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් පැමිණිය යුතු බවත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේය.