FAST NEWS

24×7 Around the Globe

හදිසි අවශ්‍යතාවකදී ක්‍රියාකිරීම සදහා කොළඹට බෙල් 212 හෙලිකොප්ටර් යානයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ජලය රැගෙන යා හැකි බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ (22) කොච්චිකඩේ ප්‍රදේශයේදී බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී එය පුපුරා යාමත් සමඟ ගින්නක් ඇති වූ අතර, එවැනි අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා මෙලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.