බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.
එම ඩෙටනේටර් තොගය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව අපරාධ ස්ථාන භාර නිළධරිීන් භාරයට ගෙන තිබේ.
CATEGORIES